සම්මානිත චිත්‍රපටකරණයේ ප්‍රමුඛයාගේ සැඟවුණ රහස !

සම්මානිත චිත්‍රපටකරණයේ ප්‍රමුඛයාගේ සැඟවුණ රහස !

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රය වෙනුවෙන් වසරකට චිත්‍රපට 25කට වඩා තිරගත කරනවා..
2017 වසරේ වසරේ තිරගත වූ චිත්‍රපට සංඛ්‍යාව 27 ක්..
එම් එන්ටර්ටේන්මන්ට්ස් ආයතනය චිත්‍රපට නිෂ්පාදනය ආරම්භ කරන්නේ වර්ෂ 2016 දී..
ඒ ශමීර රංගන නාඔටුන්නගේ ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටයෙන්.
ඉන් අනතුරුව 2017 වසරේ තිරගත කළ ධර්මයුද්ධය සිනමා නිර්මාණය ස්ලිම්නීල්සන් වසරේ ජනතා සම්මානය ඇතුළු ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙලවල් වලදී සම්මානයට පාත්‍ර වුණා.

මෙවර ස්ලිම් නීල්සන් වසරේ සිනමා නිර්මාණය සඳහා වන ජනතා සම්මානය දිනාගන්නට
එම් එන්ටර්ටේන්මන්ට්ස් නිෂ්පාදනය කල,රොහාන් පෙරේරා අධ්‍යක්ෂණයකළ,ගෝල් චිත්‍රපටයට හැකියාව ලැබුණා.

එලෙස එම් එන්ටර්ටේන්මන්ට්ස් ආයතනය 2017 සහ 2018 යන වසර ද්විතවයේදීම පිට පිට ස්ලිම් නීල්සන් ජනතා සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
පාපන්දු ක්‍රීඩාව වටා එක්වූ නගරයෙන් දුරබැහැර පාසල් ශිෂ්‍යයින්ගේ වීරක්‍රියාවක් ගෝල් සිනමා නිර්මාණයට කතා තේමාව වී තිබුණා.

2019 වසර වෙනුවෙන් එම් එන්ටර්ටේන්මන්ට්ස් ආයතනය නිෂ්පාදන කළ
තාල සිනමා නිර්මාණය මේ වන විටත් අති සාර්ථකව දිවයින පුරා සිනමාශාලා වල තිරගත වනවා.
දරුවන්ගේ ජීවිතය වෙනස් කරන ගුරු තරුවක් වටා ගෙතුණු ‘තාල’ වෙනස්ම රසාස්වාදයක් මෙරට සිනමා ප්‍රේක්ෂයින්ට ලබාදෙනවා.

2017 – ධර්මයුද්ධය
2018 – ගෝල්
2019 – _______ ? ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා සිටින තාල ගැන බලාපොරොත්තු තබා ගත හැකිද ?